”මසට ගිජු වූ පවුලක වැඩිහිටියන් මස් නොමැතිව එක් වේලක්වත් කෑවේ නැත. වැඩට යන වැඩිහිටි දෙදෙනාට ඇති දේ උයා පිහා දුන්නේ ගෙදර සිටි අරක්කැමි ඥාතී ස්ත‍්‍රියකි. දිනක් පිසීමට මස් නොතිබුණ නිසා පවූලේම බිලිදු දරුවා මරා උයා තිබුණි. වෙනදාට නැති රසවත් මස් බුදින මවට දරුවගේ ඇගිල්ලක් හැපුණි. ඒ ගැන ඇය විමසූ විට අරක්කැමි ස්ත‍්‍රිය රහසින් එළියට පැන දිව්වාය. ඇය පසුපසින් හැන්ද ඔලූවේ ගසාගෙන ” මගේ දරුවා කෝ ” කියා ලතෝනි දෙමින් මවද දිව්වාය. මියගිය උපන් ඇයගේ දෙවෙනි උපත උලමා විය.”
මේ ඒ පිළිබඳ එක් කතාවක්.
අදත් උලමාගේ හිසේ හැඳි ලකුණක් පවතිනවා. ඒ වගේම මේ කුරුල්ලාගේ හඩළතෝනිය වැහි ආසන්න බවට පෙර නිමිත්තක් බවත් ගැමියන් විශ්වාස කළා. යක් කුරුල්ලා කියලා කියන්නෙත් මේ කුරුල්ලටම බව ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. අතීත වැසියන් මේ පක්ෂියා භූත ආත්මයක් බවද විශ්වාස කළා. උලලේනාගේ කන්දොස්කිරියාව ඉවසන්න බැරිම තැන අපේ ගැමියන් මෙම පක්ෂියාගේ මුඛ බන්ධනය කරලා තියෙනවා. ඒත් ඉතා සුළු මොහොතකින් ඔවුන් විසින් මෙම මුඛ බන්ධන ඉවත් කරලා තියෙනවා. ඒ මේ සතා ගැන අනුකම්පා හිතිලා. මුඛ බැදීමේ වස් කවි රාශියක් ගැමියන් අතර පැවතී තිබෙනවා.
”උලලේනයි උලලේනයි තෝද බොල
නාඩා ඉන්ඩ තොට වරමක් දුනිද බොල
අනඳ මහ තෙරිඳු පටියෙන් බැන්ද බොල
මෙතේ බුදුන් බුදු වෙනකං නාඩ බොල”
මේ ඒ අතරින් එක් වස් කවියක්. පැරණි ගැමියන් සතුන් පිළිබඳව විවිධ විශ්වාසයන් ඇතිකර ගත්තා. ඒ විශ්වාසයන් ඔවුන් තම ජීවිත හා සමීප කර ගත්තා. උලලේනා ගැන ඔවුන් හිතුවෙ මරණයේ පණිවිඩය අරන් එන සංකේතයක් විදිහට.
”පාලූව දෙවනක් කරලා
නාඩන් උලලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උලලේනෝ උලලේනෝ ”
විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ හඩින් මෙම ගීතය ගැයෙන විට පාලූව, තනිකම, හුදකලාව කරපින්නාගත් උලලේනාගේ හඩෙහි කිසිවෙකුටත් කියන්නට නොහැකි වූ ශෝකී ස්වරයක් කැටිව ඇතැයි මට සිතුනා....
උලලේණා ගැන සොයාගෙන යනව්ට ලැබුනු හරවත් ලිපියක් බොහොම ස්තූතියි!
ReplyDelete